Aboutceylon Online

බෝපත්තලාව හරිත කදු වැටියේ ගින්න සිඝ්‍රයෙන් පැතිර යයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නුවරඑලිය බෝපත්තලාව රජයේ සත්ව ගොවිපොලට ආසන්නයේ වු හරිත කදුවැටියේ  ගින්නක් හටගෙන ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

බගවන්තලාව සිට බෝපත්තලාව රජයේ සත්ව ගොවිපොලට පාගමනින් පිවිසෙන මාර්ගයට ඉහලිනුයි ගින්න හට ගෙන ඇත්තේ.
කුඩා තෘණ වලින් සමන්විත හරිත කදුවැටියේ හටගත් ගින්න කදු මුදුණ දක්වාම පැතිර යමින් පවතින බවත්, එම කදු වැටිය අවසානයේ බෝපත්තලාව රක්ෂිතයේද පිහිටි බවයි බෝපත්තලාව රජයේ සත්ව ගොවිපොලේ සේවකයන් කියා සිටින්නේ.

දේශිය තරුණ සංචාරකයන් අතර මැතකදි ඉතා ප්‍රචලිත වු හරිත කන්ද තරණය කර එහි දිනක් ගත කිරිමට දේශිය තරුණ සංචාරකයන් දැඩි උනන්දුවක් දක්වයි.

එම කදු වැටියේ ඉහල සිට බගවන්තලාව , ශ්‍රි පාදස්ථානය , කිරිගල්පොත්ත , කාසල්රි ජලාශය හොදින් දිස්වෙන ස්ථානයක් ලෙස හරිත කන්ද හදුන්වනු ලබයි.

බගවන්තලාව බෝපත්තලාව මාර්ගයේ ගමන් ගන්නා කිසියම් කෙනෙකු විසින් හරිත කදු වැටියේ තෙත්බිම් කලාපයට ගිනි තබන්නට ඇති බවත්, පැතිර යන ගින්න පාලනය කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top