Aboutceylon Online

වෙරළු නිවස තුල තැම්බුවොත් වෙනදේ මෙන්න

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෑතකදී මට ලැබුනු වෙරළු මල්ලක් ම විසින් නිවසේ මුලුතැන්ගෙය තුලදී තම්බන ලදි . ඒ බව මාගේ සමීපතමයෙකුට කීමේදී මට අසන්නට ලැබුනේ වෙරළු නිවස තුල තම්බන්නට සුදුසු නෑ යන්නය්.මා තරමක් බියටත් කුතුහලයටත් පත් කිරීමට සමත් වූවායැයි කිවහොත් නිවැරදිය.

එනම් අප සමාජයේ එන හදි හූනියම් ගැන විශ්වාසයක් මා හට වැඩිය නැතත් යම් සැකයක් හිතේ ඇති වී තිබුනි. කෙසේ හෝ මා ඒ පිලිබද මාගේ සමීපතමය්න් බොහෝ දෙනෙක්ගෙන් ඒ පිලිබද විමසුවද ඉන් බොහෝ දෙනෙක් එය සත්‍ය බව සදහන් කලද ඊට හේතුව පිලිබද හරියාකාර දැනීමක් නොමැති බව පැවසුවහ.

තව⁣ත් කිහිප දෙනෙකු නිවස පාලුවට යන බව සදහන් කල අතර එමගින් මේ පිලිබද නිසැකවම දැන ගැනීමේ අවශ්‍යතාවක් මා හට ඇති විය. කෙසේ හෝ අවසානයේ මට youtube මාධ්‍ය ඔස්සේ ඒ පිලිබද විස්තරයක් දක්නට ලැබුනි.

එහි මෙසේ සදහන් විය

වෙරළු යනු අදික සීතල පලතුරකි, මෙම වෙරළු තැම්බීමේදී කිසි විටක වසා තැම්බිය නුසුදුසු අතර මෙය තැම්බෙන විටදී පිටවන හුමාලය ශරීරයට ඉතාමත් හානීකර වේ.

මෙමගින් පිටවන නයිට්‍රස් ඔක්සය්ඩ් යන ආම්ලික වාතය නිවසහි මුලුතැන් ගෙය පුරා විසිර යන අතර එය බොහෝ වේලාවක් ආශ්වාස කිරීමෙන් රෝගාබාද ඇති වේ.

ජනවහරයේ මෙය නිවස පාලු වන බව සදහන් වන්නේ මෙමගින් නිවැසියන් රෝගාතුර වන බැවිනි. තවද මෙම විශ හුමාලය නිසා මොලය ආශ්‍රයේ රෝග පවා ඇති විය හැකි බව පැවසේ.

එබැවින් වෙරළු තැම්බීමේදි නිවසින් පිට ස්තානයක් තෝරා ගැනීමට මෙන්ම එම හුමාලය හැකිතාක් ආශ්වාස නොවී සිටීමට වග බලාගත යුතු බව සදහන් කල යුතුමය. මේ පිලිබද මා සදහන් කල යුතුයැය් සිතුනේ මේ සම්බන්දයෙන් සිදුකල විමසීම් වලදී ⁣මීට හේතුව මා මෙන්ම බොහෝ දෙනෙක් නොදන්නා බව සිතුනු බැවිනි.

උපටාගැනිමක්

Scroll to Top