අද (22) දිනයේ විදුලි කප්පාදුවක් සිදු කරන්නේද යන්න සම්බන්ධයෙන් දහවල් කාලයේ දී ප්‍රකාශයට පත් කරන බව විදුලිබල මණ්ඩලය පවසයි. විදුලි උත්පාදනය සඳහා සපුගස්කන්ද බලාගාරයේ පවතින දැවි තෙල් තවත් පැය කිහිපයක් සඳහා පමණක් ප්‍රමාණවත් වන බව එම මණ්ඩලය සඳහන් කළේය.
ඒ අනුව දැවි තෙල් ලබා දෙන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී ඇති අතර ඔවුන් දැවී තෙල් ලබාදීම සිදුකළහොත් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව විදුලිබල මණ්ඩලය පැවසුවේය.
කෙසේවෙතත් විදුලි උත්පාදනය සඳහා කැලණිතිස්ස බලාගාරයට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් මෙට්‍රික්ටොන් 10,000 ක් මේ වන විට සම්පූර්ණයෙන්ම ලබා දී තිබේ.
කැලණිතිස්ස බලාගාරය මේ වනවිට සක්‍රිය කර ඇති අතර සුපුරුදු පරිදි කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයෙන් මෙගාවොට් 165ක ධාරිතාවක් සහ කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් මෙගාවොට් 115ක් මේ වනවිට උත්පාදනය කෙරෙනවා.
ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාවෙන් ලද ඩීසල් තොගය විදුලිය නිෂ්පාදනය සඳහා තවත් දින 06ක කාලයකට ප්‍රමාණවත් බවයි වාර්තා වන්නේ.