කැලණිතිස්ස බලාගාර සංකීර්ණයට ඩීසල් මෙට්‍රික් ටොන් 10,000 ක් සැපයීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟ වූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෘ නවමනි මහතා ප්‍රකාශ කළේ , එම ඩීසල් පොම්ප කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
මේ හේතුවෙන් ගැටලුවකින් තොරව කැලණිතිස්ස බලාගාරයෙන් විදුලිය ජනනය කිරීමට හැකියාව ලැබී ඇති බව ඔහු පැවසී ය.
තම ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් ලබා දෙනතුරු අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසයි.
එහි විධායක කමිටු සාමාජික චරිත් ජයනාත් දයාරත්න මහතා සඳහන් කළේ, විදුලි බල මණ්ඩල නව සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීන්දුවක් ගෙන නොමැති බවයි.