Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

300MWක් ජාතික පද්ධතියට අහිමි වන ලකුණු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබාදුන් ඩීසල් හා දැවිතෙල් අද (18) දිනයෙන් අවසන් වන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

මේ වන විට ජල විදුලි නිෂ්පාදනය 35% දක්වා පහත බැස ඇති බවත් නැවත සැළකියුතු වර්ෂාපතනයක් අප්‍රේල් මැයි මාස වන තෙක්ම නොලැබෙනු ඇති බවට කාලගුණ අංශ විසින් පුරෝකතන කර ඇති බවත් හෙතෙම පැවසීය.

දැනට ජලාශවල පවතින ජල මට්ටම් ද වේගයෙන් අඩු වී ගෙන යන බවත් මෙම තත්ත්වය මත තව මාසයක් දෙකක් යන විට තත්ත්වය ඉතාම අවදානම් මට්ටමකට පත් වෙන බව ද හෙතෙම කියා සිටියේය.

සංගමයේ ලේකම් ධම්මික විමලරත්න මහතා පවසන්නේ ඒ කැළණිතිස්ස සංකීරණය පද්ධතියෙන් ඉවත් වීමත් සමග මෙගාවොට් 300ක ධාරිතාවක් අහිමි වන බවයි.

එනිසා අද දිනයේ සිටම පැය එක හමාර ඉක්මවූ විදුලි කප්පාදුවට අනිවාර්යෙන්ම යාමට සිදුවන බවද ඔහු කියා සිටියේය.

අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති පසුබිමක ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක අද නිරත වනවා. ඒ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ හිතවතෙකු නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් කිරීමට විරෝධය දක්වමින්.

විශ්‍රාමිකයෙක් වන නව සාමාන්‍යාධිකාරීවරයා අමෙරිකානු සමාගමක් සමඟ අත්සන් කළ ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් කළ පුද්ගලයා මෙන්ම ඔහුගේ සේවා කාලයේ කටයුතු පිළිබඳව ද ගැටලු තිබෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසන්නේ.

Scroll to Top