විෂය නිර්දේශය ආවරණය නොකර උසස් පෙල සිසුන් වෙනුවෙන් විභාගය පැවැත්විම සිසුන්ට කරන අසාධාරණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය නොකර උසස් පෙල සිසුන් වෙනුවෙන් උසස් පෙල විභාගය පැවැත්විමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කිරිම සිසුන්ට කරන අසාධාරණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.
විපක්ෂ නායකවරයා ඒ බැව් කියා සිටියේ සමගි ජන බලවේගයේ මස්කෙලිය බල මණ්ඩලයේ සමාජිකයන් හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේ හමුවිමෙන් අනතුරුව පැවති රැස්විම අමතමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු විපක්ෂ නායකවරයා කියා සිටියේ විභාගයට පෙනි සිටින උසස් පෙල සිසුන් සහ එම සිසු සිසුවියන්ගේ දෙමව්පියන්ගෙන් මේ පිලිබදව තමන්ට පැමිණිලි ගණනාවක් ලැබි ඇති බවයි.
කාදිනල් හිමිපාණන් බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙ රටේ කතොලික ජනතාවට සාධාරණයක් ඉටු කර නොමැති බවත්, සමගි ජන බලවේගය රජයක් තුලින් මේ රටේ කතොලික ජනතාවට සාධාරණය ඉටු කරන බවද විපක්ෂ නායකවරයා පැවසිය.
වත්මන් රජය රටේ ජනතාවගේ දුක හදුනන්නේ නැති බවත්, පවුල් වාදයට ගජ මිතුරන්ට සහ නැදැ පරපුරට පමණක් සලකන වත්මන් රජය ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට සලකන බවද විපක්ෂ නායකවරයා පැවසිය.
මේ රටේ සිටි කිසිදු විපක්ෂයක් සිදු නොකල කාර්ය භාරයක් මේ රට තුල වත්මන් විපක්ෂය සිදු කරන බවත්, සමගි ජන බලවේග රජයක් තුලින් මිට වඩා රටේ ජනතාවට සලකන බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.
මස්කෙලිය ආසනයේ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක කපිල නාකන්දල මහතා විසින් මෙම රැස්විම සංවිධානය කර තිබුණි.
හැටන් – රංජිත් රාජපක්ෂ