සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ ක්රීඩාංගණයේදී පැවති පළමු එක්දින තරඟය කඩුලු 5කින් ජය ගැනීමට ශ්රි ලංකා කණ්ඩායම සමත් විය.
තරඟයේ කාසිය වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව, සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 296ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 4ක් තුළ කඩුලු 5 දැවී ජයග්රහණය වාර්තා කළේය
එහිදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් සහ පැතුම් නිස්සංක ලකුණු 75 බැගින් රැස්කළ අතර චරිත් අසලංක ලකුණු 71ක් රැස්කළේය.