මෙරටින් තවත් Omicron COVID-19 ප්‍රභේදය සහිත ආසාදිතයන් 160 ක් වාර්තා වී තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ පටල සාම්පල 182ක ජාන විශ්ලේෂණ පරීක්ෂණ මගින් මේ බව තහවුරු වූ බවයි.
ඒ අනුව, මෙම නව ආසාධිතයන් සමඟ රට තුළ මෙතෙක් අනාවරණය වී ඇති මුළු Omicron රෝගීන් සංඛ්‍යාව 208 දක්වා ඉහළ යයි.
කෙසේ වෙතත්, තවදුරටත් ප්‍රමාදයකින් තොරව බූස්ටර මාත්‍රාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.