සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමග ශ්‍රි පාදය කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් දුම්රියෙන් පැමිණෙයි.ශ්‍රි පාද වන්දනාකරුවන්ට විශේෂ ලංගම බස් රථ සේවයක් ධාවනයට එක් කෙරේ.
සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමග (15) දින දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රි පාදය කරුණා කිරිම සදහා හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණෙන බව හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසිය.
දුම්රියෙන් පැමිණෙන ශ්‍රි පාද වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් ලංගම ඩිපෝව විසින් හැටන් දුම්රිය ස්ථානයේ සිට මගි දුම්රියක් පැමිණෙන සැම අවස්තාවකම වන්දනාකරුවන් නල්ලතන්නිය දක්වා රැගෙන යාමට සහ ආපසු දුම්රිය ස්ථානය දක්වා රැගෙන ඒමට විශේෂ ලංගම බස් කිහිපයක් දිවා රාත්‍රි දෙකේම ධාවනයට එක් කර ඇත.
මේ අතර (14) දින රාත්‍රියේ හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි බවයි නල්ලතන්නිය පොලිසිය කියා සිටියේ.
ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට සෞඛ්‍ය මාර්ග උපදෙස් වලට අනුකුලව ශ්‍රි පාදය කරුණා කරන ලෙසට සෞඛ්‍ය අංශ නිලධාරින් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
හැටන් – රංජිත් රාජපක්ෂ