Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වතුකරයේ ප්‍රධාන තෛපොංගල් දින ආගමික උත්සවය හැටන් ශ්‍රි මාණික්‍ය පිල්ලයාර් කෝවිලේදි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තෛපොංගල් දින ආගමික උත්සවයේ වතුකරයේ ප්‍රධාන ආගමික පුජාව  හැටන් ශ්‍රි මාණික්‍ය පිල්ලයාර් හින්දු කෝවිලේදි එම කෝවිලේ ප්‍රධාන කුරුක්කල් බ්‍රහ්ම ශ්‍රි චන්ද්‍ර නන්ද කුරුක්කල්ගේ ප්‍රධානත්වයෙන් නිරෝධායන මාර්ග උපදෙස් වලට අනුකුලව පැවැත් විණ.

එම කොවිලේදි සියළුම ධාන්‍ය වර්ගවලින් සමන්විත විශේෂ කිරි බතක් පිලියෙල කර එම කිරි බත සුර්යය රාජයාට පුජා කිරිමෙන් අනතුරුවයි එම කොවිලේදි තෛපොංගල් දින ප්‍රධාන ආගමික උත්සවය පැවැත් වුණේ.

හින්දු ජනතාව නව වසරක උදාව තෛපොංගල් වශයෙන් හදුන්වනු ලබනවා.

වතුකරයේ ජනතාව තම නිවස ඉදිරිපිට අලුතින් ලිප් බැද ලිප ගිනි මොලවා ධාන්‍යය වර්ග වලින් සමන්විත විශේෂ කිරිබතක් සකස් කර හිරු උදාවත් සමග පිලියෙල කර ගන්නා ලද කිරිබත හින්දු චාරිත්‍රානුකුලව සුර්ය රාජයාට පුජා කරන ලදි.

ගොවිතැනේදි ගොවියාට සක්‍රිය දායකත්වයක් දක්වන සුර්යයාට පළමු දිනයේ තෛපොංගල් උපහාරය දක්වා දෙවන දිනය වන දින(15) ගොවි තැනේදි ගොවියන්ට  දායකත්වයක් දක්වන ගවයන්ට උපහාර පිදිම සිදු කරනු ලබනවා.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top