Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අපිරිසිදු ග්‍රේගරි වැව පිරිසිදු කරන පොලිස් ජිවිත ආරක්ෂක ඒකකය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නුවරඑලිය ග්‍රේගරි වැවේ ජලය මත පාවෙන සහ තැන්පත් වි ඇති ප්ලාස්ටික් , පොලිතින් ඇතුළු කැලි කසල වැවෙන් ඉවත් කිරිමේ වැඩසටහනක් නුවරඑලිය පොලිස් ජිවිත ආරක්ෂක ඒකකයේ නිලධාරින්ගේ මැදිහත් විමෙන්  සිදු කෙරිණ.

නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසුරිය මහතාගේ මුලිකත්වයෙන් සහ නුවරඑලිය මහ නගර සභාවේ නිලධාරින් , නුවරඑලිය පොලිස් ජිවිත ආරක්ෂක ඒකකයේ නිලධාරින් , නුවරඑලිය ග්‍රේගරි වැවේ බොට්ටු හිමිකරුවන්, බොට්ටු පැදිකරුවන් එක්වයි ග්‍රේගරි වැවේ ශ්‍රමදාන කටයුත්ත සිදු කරනු ලැබුවේ.

පසුගිය දා නුවරඑලියට පැමිණි දේශිය සංචාරකයන් විසින් සහ නුවරඑලිය නගරයේ ඇතැම් ව්‍යාපාරිකයන් විසින් වැවට ජලය ගලා බසිනා ඇල මාර්ග වලට බැහැර කරන ලද ප්ලාස්ටික් පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය නුවරඑලිය ප්‍රදේශයට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු වර්ෂාවත් සමග එම අපද්‍රව්‍ය වැවට ගලාගෙනවිත් ජලයේ පාවෙමින් සහ තැන්පත් වි ඇති බවයි ග්‍රේගරි වැවේ ශ්‍රමදාන කටයුත්තට එක් වු පොලිස් ජිවිත ආරක්ෂක ඒකකයේ නිලධාරින් කියා සිටියේ.

ප්ලාස්ටික් පොලිතින් , ඝන අපද්‍රව්‍ය වලට අමතරව මත්පැන්සැල් වලින් ඉවත් කරනු ලැබු කුඩා මත්පැන් බොතල් විශාල ප්‍රමාණයක් වැවට ගලාගෙන විත් තැන්පත් වි තිබු බවත්, එම බෝතල්ද වැවෙන් ඉවත් කල බව පොලිස් ජිවිත ආරක්ෂක ඒකකයේ නිලධාරින් පැවසිය.

(12) දිනයේ පමණක් ග්‍රේගරි වැවේ ටොන් දෙකක පමණ ප්ලාස්ටික් , පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය ඉවත් කිරිමට එම ශ්‍රමදාන කටයුත්තට එකතු වු පිරිස පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top