Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

එලවලු මිල පහල ගියද එලවලු මිල දි ගැනීමට පාරිභෝගිකයන්ගෙන් ඉල්ලුම අඩුවෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එලවලු මිල පහල ගියද එලවළු මිල දි ගැනිමට පාරිභෝගිකයන්ගෙන් ඉල්ලුමක් නොමැති බව නුවරඑලිය සතිපොලේ වෙලදුන් කියයි.

පසුගිය දින කිහිපය තුලට සමගාමිව උඩරට සහ පහතරට එලළුව මිල තරමක් පහල ගියද එලවලු මිල දි ගැනිමට පාරිභෝගිකයන්ගෙන් විශාල ඉල්ලුමක් පවතින්නේ නැති බව නුවරඑලිය සතිපොලේ වෙලදුන් කියා සිටියි.

සැම එලවලු කිලෝවකම මිල රු 50 ක් පමණ පහල ගොස් ඇති බවත්, පසුගිය දිනවල රු 200 අලෙවි වු දෙල් ගෙඩියක් රු 150 ක් වැනි මිලකට අලෙවි වන බවත් පැවසු එම වෙලදුන් කියා සිටින්නේ පාරිභෝගිකයන් ආර්ථික අපහසුතා මැද ජිවත් වන නිසා දෛනික අවශ්‍යතාවයට පමණක් සරිලන එලවලු වර්ග කිහිපයක් පමණක් තාමත් මිල දි ගන්නා බවයි.

මේ අතර දේශිය වෙලදපොලේ රු 500 අලෙවි වු භුමිතෙල් උදුනක් නුවරඑලිය සතිපොලේ රු 3500 සහ රු 1000-1400 මිලකට අලෙවි වු භුමිතෙල් උදුනක් නුවරඑලිය සතිපොලේ රු 7500 වැනි ඉහල මිලකට අලෙවි වුවද වෙලදපොලේ පවතින ගැස් හිගයත් සමග පාරිභෝගිකයන් භුමිතෙල් උදුන් මිල දි ගැනිමට විශාල ඉල්ලුමක් පැවතිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top