සති අන්ත නිවාඩුවට හැටන් මාර්ගය ඔස්සේ ශ්රි පාදය කරුණා කිරිම සදහා උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියෙන් දිවයිනේ විවිධ ප්රදේශවල සිට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණියහ.
එම දුම්රියන් වලින් ශ්රී පාදස්ථානය සංචාරය සදහා විදේශ සංචාරකයින්ද විශාල පිරිසක් පැමිණ සිටිය.
(08) දිනයේද උඩරට මැණිකේ සහ පොඩි මැණික් දුම්රියෙන් ශ්රි පාදය කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි බවයි දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ.
ශ්රි පාදය කරුණා කිරිමට දුම්රියෙන් පැමිණි සියළුම වන්දනාකරුවන්ට හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ගමන් කිරිමට හැටන් ලංගම ඩිපෝව මගින් බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණි.
හැටන් – රංජිත් රාජපක්ෂ