මහවැලි ගඟ ආශ්රයෙන් ක්‍රියාත්මක කරනු ලබන අවසන් මහා පරිමාන ජල විදුලි(Electricity) ව්‍යාපෘතිය වන මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘති යේ වත්මන් ප්‍රගතිය සොයා බැලීම සදහා සූර්ය බල සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා 2022/01/06 වන දින එහි නිරීක්ශන චාරිකාවක නිරත විය.
මෙහිදී අමාත්‍ය වරයා ප්‍රකාශ කර සිටියේ මේ වන විට ක්‍රියාත්මක මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතිය කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇති වූ ප්‍රායෝගික ගැටලු හේතුවෙන් නිම කිරීමට බලාපොරොත්තූ වූ කාලයට අවසන් කිරීමට නොහැකි වූවත් අවසන් අදියර කීපයේ පවතින ව්‍යාපෘති ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කර එය 2023 වසර අවසන් වීමට ප්‍රථම ජාතික පද්ධතියට එක් කිරීමට කටයුතු කරන බවයි,
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ඉතා අඩු නිශ්පාදන වියදමක් සහිතව විදුලිය නිශ්පාදනය කල හැකි තවත් හඳුනාගත් ව්‍යාපෘති ඉතා කඩිනමින් ආරම්භ කිරීමටත් ඒවා ජාතික පද්ධතියට එක් කිරීමට කටයුතු කරන බවත්ය.ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටලු කාරී තත්වයන් සොයාබලා ඒ සදහා විසදුම් ලබාදීමට එළඹෙන 12 වැනි දින විශේෂ සාකච්ඡාවක් සදහා අදාල පාර්ශව සියල්ල කැදවීමටද කටයුතු කලේය.
වර්ශ 2021/01/16 වැනි දින ආරම්භ කල ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 30.5 ක නිශ්පාදන ධාරිතාවයකින් යුක්තය. ගිගාවොට් පැය 100.5 විදුලි ජනනයක් වාර්ශිකව ජාතික පද්ධතියට එක්කරනු ලබයි.ව්‍යාපෘතිය සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 134.62 ක මුදලක් වැයවන අතර මහවැලි ගඟ හරස් කර ඉදිකරනු ලබන මීටර් 237 ක් දිගින් හා මීටර් 37 ක උසින් යුත් ජලාශ වේල්ල මගින් හෙක්ටයාර් 38.5 ක ජලාශ වපසරියක් ලබාදෙනු ලැබේ. එම ජලය කිලෝමීටර් 2.7 ක් දුර උමගක් හරහා ජනන යන්ත්‍ර වෙත ගෙන ඒමෙන් මෙගාවොට් 30.5 ක ජල විදුලි නිශ්පාදනයක් ලබාදෙනු ලැබේ.
මෙම අවස්ථාවට සූර්ය බල සුලං හා ජල විදුලි ජනන වියාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හේමන්ත සමරකෝන් මහතා,ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් සුලක්ශන ජයවර්ධන මහතා, ව්‍යාපෘති අධ්යක්ෂ ලංකා විදුලිබල මන්ඩලයේ ඉංජිනේරූ ජයරත්න මහතා ඇතුලු පිරිසක් සහභාගී විය.