Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ප්‍රමිතියෙන් තොර ‍ව්‍යාජ පොල් පැළ විකුණන ජාවාරමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පොල් පර්යේෂණ ආයතනයේ නම අවභාවිත කරමින් ප්‍රමිතියෙන් තොර ‍ව්‍යාජ පොල් පැළ දිවයින පුරා විකිණීමේ ජාවාරමක් සම්බන්ධ ව වාර්තා වී ඇති බවත් පොල් පර්යේෂණ ආයතනයේ ලියාපදිංචි ස්ථානවලින් පමණක් සහතික කර ඇති පොල් පැළ ලබාගැනීමට කටයුතු කරන ලෙසත් පොල් පර්යේෂණ ආයතනයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ලුනුවිල පොල් පර්යේෂණ ආයතනයේ පැවති මාධ්‍ය හමුවක දී සභාපතිවරයා මෙසේ ද පැවසීය.

ප්‍රමිතියෙන් තොර ‍ව්‍යාජ පොල් පැළ ගැන සැක සහිත අවස්ථා ඇති වුවොත් 1928 දුරකථන අංකය අමතා ඔබට ඒ සම්බන්ධවව ස්ථිර කරගන්න හැකියාව තියෙනවා. දිගින් දිගටම ඒ පිළිබඳ යම් කිසි සැකයක් පවතිනවා නම් ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි කරන්නත් හැකියාව තියෙනවා.

විශේෂයෙන් සහතික කරන ලද පොල් පැළ ලබා ලබාගන්නේ නම් ඔබට හැකියාව තිබෙන්නේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ පොල් පැළ තවාන්වලින්, පොල් පර්යේෂණායතනයේ පොල් පැළ තවාන්වලින් සහ පොල් පර්යේෂණ පර්යේෂණායතනයේ ලියාපදි පදිංචිව සිටින පොල් පැල තවාන්කරුවන්ගෙන් පමණයි.

එහි දී සහතික මිලකට රජය විසින් ලබා ලබා දෙනවා. සාමාන්‍ය පොල් පැළයක් රුපියල් 250 ටත් දෙමුහුන් පොල් පැළයක් (හයිබ්රිකඩ්) රුපියල් හාරසිය විසි පහක උපරිම මිලකටත් අලෙවි කිරීමට කටයුතු කරනවා.

බීජ සහතික කිරීමේ පනත අනුව පොල් පැළ සහතික කිරීමේ බලය පවරා තිබෙන්නේ පොල් පර්යේෂණ ආයතනය අධ්‍යක්ෂවරයා වෙත යැයි ද සභාපතිවරයා කීය.

සෞභාග්‍යයේ දැක්ම අනුව පසුගිය වසරේ පොල් පැළ ලක්ෂ හතළිහක් පමණ ජනතාවට ලබා දීමට කටයුතු කළා. මෙම වසරේ ඇමැතිවරුන්ගේ උපදෙස් මත පොල් පැළ ලක්ෂ හැත්තෑවක් පමණ ලබා දීමට කටයුතු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අතරතුර විවිධ වූ පුද්ගලයන් වැඩි මිලට පොල් පර්යේෂණ ආයතනයේ ස්ටිකර් භාවිතා කරමින් සහ ව්‍යාජ ලෙස ප්‍රචාරය කරමින් අලෙවි කිරීම සමාජ මාධ්‍ය තුළින් අපට දකින්නට ලැබුණා යැයි ද මේ සම්බන්ධව අවදියෙන් සිටින ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද සභාපතිවරයා පැවසීය.

Scroll to Top