කේතය හා යෙදුම සහිත එන්නත්කරණ කාඩ්පත ඉතා ඉක්මනින් ලබාදෙන බවත්, එම කාඩ්පතෙහි පූර්ණ එන්නත්කරණය යටතට බූස්ටර් එන්නතද ඇතුළත් වන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
එම නිසා බුස්ටර් එන්නත ලබාගැනීම එන්නත්කරණ කාඩ්පතට අනිවාර්ය වනු ඇති බවත්, එය පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී අත්‍යවශ්‍ය වන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
බූස්ටර් එන්නත ලබාදීම වඩා වේගවත් කිරීම සඳහා මෙරට සියලු පළාත් පාලන ආයතන එන්නත්කරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලසුම් කෙරෙන බවද සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.