බිබිල මැදගම තිඹිරිය ගම්මානයේ පදිංචි රුපවාහිනි නාළිකාවක ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරන ආනන්ද සුනිල් රත්නායක වසර දහයක් තිස්සේ නිවසෙන් ඉවත් කරන කසළවලින් ජීව වායුව (gas) නිපදවමින් ආහාර පිසින බව කියයි.
ඌව පළාත් සභාව මගින් 2011 වසරේදි ලැබුණ රුපියල් 60000ක ආධාර මුදලකින් ආරම්භ කළ ජීව වායු ඒකකය වසර දහයක් තිස්සේ සාර්ථකව පරිහරනය කරන බව ඔහු කියයි.
නන්ද සුනිල් රත්නායක මෙසේ පැවැසීය.
මම නිවසෙහි ආරම්භ කළ ජීව වායු ඒකකය දැනට වසර දහයක් තිස්සේ පරිහරණය කරනවා. දිනපතා නිවසින් ඉවත් කරන එළවළු හා පලතුරු කොටස්, ගොම, ඇතුළු දිරාපත්වන ද්‍රව්‍ය ජීව වායු සිලින්ඩරයට දමනවා. සිලින්ඩරයට සවිකර තිබෙන බටයකින් ගෑස් ලිපට අවශ්‍ය උපරිම ගෑස් ලැබෙනවා.
ඕනෑවටත් වඩා ගින්දර ගන්න පුළුවන්. වසර දහයක් තුළ ගෙදරට ආහාර පිසින්න දර හෝ ගෑස් මම ගෙනත් නෑ. මේ දවස් වල ගෑස් පෝලිම්වල ඉන්න අවශ්‍ය නෑ. මෙවැනි සරල ජීව වායු ඒකකයක් හදාගන්න කාටත් පුළුවන්. වෙළඳපොළෙන් ගන්නා ගෑස්වලට වඩා ගින්නක් මෙයින් පිට වෙනවා. එකක් හදා ගත්තානම් නිවාස දෙක තුනකට වුණත් හොදටම ඇති.
මෙවැනි ජීව වායු ඒකක මේ යුගයට අවශ්‍යම දෙයක් වෙනවා. ජීව වායු ඒකකයට දමන කසළ වලින් පෝෂදායි කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරනවා අපේ ගෙවත්තේ තිබෙන එළවළු, පලතුරු,මල් ඇතුළු භෝග වගාවන්ට වසර දහයක කාලයක් තිස්සේ රසායනික පොහොර දමා නොමැති බවත් ඔහු පැවැසීය.
පස්සර – අමිල ක්‍රිෂාන්ත