මීට අවුරුදු 4000 – 5000 කට පමණ පෙරාතුව බිහි වූ මේ විශ්වාසය, එකළ අපේ පියවි ඇසට පෙනුණු අහස හා පියවි ඇසට පෙනුනු ග්‍රහ තාරකා වල චලිතයන් මත ගොඩ නගාගත් එකකි. ඒ පෙනුනු ආකාරය වැරදි බව දැන් අපි දන්නවා.
ඒත් ඒ දැනුම අපි ප්‍රයෝජනයට ගන්නවද ?
1. අපේ පෘථිවියේ ගෝලාකාර බව අපට නොපෙනේ. අපට පෙනෙන්නේ එය පැතළි ලෙසයි.
2. අපවත් රැගෙන පෘථිවිය, සූර්යයා වටා මෙන්ම අපේ මන්දාකිණිය තුලත්, විශ්වය තුලත් තව චලිතයන් වල යෙදෙයි. එහෙත් එය අපට නොදැනේ,නොපෙනේ. අපට පෙනෙන්නේ අපි නිශ්චල ලෙසයි.
3. විශ්වයේ තාරකා එකිනෙකට බොහෝ ඈතින් පිහිටා ඇති බව අපට පියවි ඇසට නොපෙනේ. මේ නොපෙනෙන ඇත්ත අහස මත නොවේ ජ්‍යොතිෂය ප්රබන්ධයන් ගොඩ නැගී ඇත්තේ….පෙනෙන ව්‍යාජ ආකාරය මතයි ඒ මිත්‍යාව බිහි වී ඇත්තේ. ….. උදාහරණයක් වශයෙන් අපට පෙනෙන්නේ අපේ පෘථිවිය වටා සූර්යයා බ්‍රමණය වන ආකාරයකි.
එහෙත් ඇත්තෙන්ම අපේ පෘථිවිය, සූර්යයා වටා බ්‍රමණය වීමයි සිද්ධ වෙන්නේ. තවත් එක උදාහරණයක් තමයි අපට පෙනෙන්නේ ඉර, හඳ, තරු සමාන දුරවල් වලින් අහස් තලයේ හෙවත් ඛගෝලයේ (Celestial sphere හි) පිහිටා ඇති ලෙසකිනි.
එහෙත් ඇත්තටම අපේ හඳ පිහිටා ඇත්තේ එහෙම නැත්නම් එය පෘථිවිය වටා බ්‍රමණය වන්නේ කිලෝමීටර් ලක්ෂ 4ක් පමණ දුරකින්.
එතකොට අපේ සූර්යයා පිහිටා ඇත්තේ කිලෝමීටර් කෝටි 15 ක් පමණ ඈතින්. …. අපට කිට්ටුම තරුව වන ප්‍රොක්සිමා සෙන්චූරි පිහිටා තියෙන්නේ කිලෝමීටර් කෝටි 40 ලක්ෂයකටත් වඩා ඈතින්.
ඉතින් විශ්වයේ ප්‍රමාණය එතරම්…… එකිනෙකාට එතරම් ඈතින් පිහිටා ඇති තරු රටා (අපිම හදාගත් රාශි) වලින් අපේ පුද්ගලික ඉරණම/ජීවිතය තීරණය වෙනවා යැයි විශ්වාස කිරීම කෙතරම් මුග්ධ කමක්ද ?
තාරක වරාපිටිය