අද දිනයේ සිට දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දින 05 ක් පුරා වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වූයේ තමන්ට මෙන්ම මගීන්ට ද වන අපහසුතා සැලකිල්ලට ගනිමින් බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සමඟ ඊයේ පැවති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් මත දුම්රිය ස්ථානාධිපතිවරුන් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කළා.
අද දිනයේ සිට සිය රාජකාරි සාමාන්‍ය පරිදි සිදුකරන බවයි එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ.