ලබන වසරේදී (2022) ශ්‍රී ලංකාව දරුණු විදුලි අර්බුදයකට ලක්වීම වැළැක්විය නොහැකි අතර දිනකට පැය කිහිපයක් විදුලිය කපා හැරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජීනේරු සංගමය අනතුරු අඟවයි.
ඉංජිනේරු සංගමය වසර ගණනාවක සිටම සිදුකරන අනතුරු ඇඟවීම් ලංවිම පාලනාධිකාරිය මායිම් නොකරන බවද එම නිසා ඉතා නුදුරේදීම විශාල විදුලි අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇතැයිද එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.
විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන හිගයකින් තොරව සැපයීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගත යුතු අතර රාජ්‍ය හා පෞද්ගලික ආයතන සේවකයන්ට නිවසේ සිට රාජකාරි කිරීමේ ක්‍රමය නැවත හඳුන්වා දීමෙන් ඉන්ධන ඉතිරිකර ගත හැකි බව තම සංගමයේ ස්ථාවරය වන බවද සභාපතිවරයා කීය.