සුනාමි ව්‍යවසනය සිදු වි (26) දිනට වසර 17 ක් සපිරිම නිමිත්තෙන් සුනාමි ව්‍යවසනයෙන් මිය ගිය අයට සර්ව ආගමික නායකයන් එක් ව පින් අනුමෝදම් කිරිමේ වැඩසටහනක් (26) දින උදැසන නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදි සිදු කරනු ලැබුහ.
නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය විසින් එම වැඩසටහන සංවිධානය කර තිබු අතර , එම අවස්තාවට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් , නුවරඑලිය මහ නගර සභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න , ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරින් රැසක්ද සහභාගි වි සිටිහ.
සුනාමි ව්‍යවසනයෙන් මිය ගිය අය සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක නියැලිණ.
හැටන් – රංජිත් රාජපක්ෂ