Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බගවන්තලාවට මල්තුහින පතිත වෙයි – දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙයි.

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මධ්‍යම කදුකරයේ බටහිර ප්‍රදේශවල මේ දිනවල අළුයම් කාලයේ පවතින අධික සිතල කාලගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම මල්තුහින පතිත වි තිබුණි.

බගවන්තලාව වැනි ප්‍රදේශයකට මල්තුහින පතිත වු පළමු අවස්තාව මෙය බවත්, ඒ අනුව බගවන්තලාව ප්‍රදේශයට (26) දින අළුයම අධික සිතල කාලගුණයක් පැවති බවයි ප්‍රදේශවාසින් කියා සිටියේ.

මේ අතර නත්තල් නිවාඩුවත් සමග නුවරඑලියට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බවත්,එසේ පැමිණි සංචාරකයන් නුවරඑලිය සංචාරක හෝටල් වල සහ නිවාඩු නිකේතන වල රැදි සිටි බවයි නුවරඑලිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියා සිටියේ.

සංවර්ධන කටයුත්තක් හේතුවෙන් නුවරඑලිය ග්‍රේගරි වැවේ ජලය  පසුගිය දිනවල මහ නගර සභාව විසින් හිස් කිරිමට පියවර ගත් අතර ,පසුව  නුවරඑලියට සංචාරකයන් පැමිණිමත් සමග ග්‍රේගරි වැවේ ජලය යලි පිරවිමට මහ නගර සභාව විසින් කටයුතු කර තිබුණි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top