මැති ඇමැතිවරුන් ඇතුළු ප්රභූන් 40 දෙනකුගේ නිවෙස්වලට ජලය සැපයීම වෙනුවෙන් ජල සම්පාදන මණ්ඩලයට අයවිය යුතු රුපියල් අනූතුන් ලක්ෂයක පමණ මුදලක් අදාළ තැනැත්තන් විසින් මෙතෙක් ගෙවා නැතැයි ජල සම්පාදන මණ්ඩලය සිදුකළ විගණනයකින් හෙළිදරව් වී ඇත.
දිගින් දිගටම ජල බිල්පත් ගෙවීම ඔවුන් ප්රතික්ෂේප කරන්නේ නම් එම හිඟ මුදල් අයකර ගැනීමට නීතිමය පියවර ගැනීමට ජල සම්පාදන මණ්ඩලය සූදානම් වන බවද වාර්තා වෙයි.
ආණ්ඩුවේ ඇමැතිවරුන් ගණනාවක් මෙන්ම විපක්ෂයේ මන්ත්රීන් හා හිටපු මැති ඇමැතින් ගණනාවකගේ නම්ද මෙම ලැයිස්තුවට ඇතුළත්ය.