මේ අලි ප්රශ්නය බේරන්න ඔබතුමන්ලාට වියදම් කරන්න බැරි නම් අපි සල්ලි දීලා ගන්නම් අපිට තුවක්කු දෙන්න, මට 84 යි වයස,ඒ කාලේ මීට වැඩිය අලි හිටියා, කුළු හරක් හිටියා.හැබැයි අපේ ගොවිතැන් කෑවේ නෑ,අපි බේර ගත්තා, අපි දන්නවා බේරගන්න විදිහ, අඩුම තරමේ පස් දෙනෙකුට තුවක්කු 05 ක් දෙන්න, සතියක් ඇතුළත අපි අලි නවත්තනවා.
අපි පොඩි කාලේ නවත්ත ගත්තා, අපිට නවත්වන්න පුලුවන්, ඔබතුමන්ලාට කරන්න බැරි නම් අපි නවත්තන්නම්, හිරේ දැම්මත් කමක් නෑ අලින්ට වෙඩි තියන්න සිද්ධ වෙනවා, මාව හිරේ දාන්න යැයි මහවිලච්චිය ගොවි ජනපදයේදී ගොවිමහතෙකු රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාට පැවසීය.
දුමින්ද දිසානායක මහතා හා ගොවීන් අතර පැවති හමුවකදී එම ගම්මානයට පවතින වන අලි තර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගොවීන් මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ ගොවීන්,
අලි ප්රශ්නය තමයි අපිට තියෙන බරපතලම ප්රශ්නය කරලා තිබ්බ ගොවිතැනුත්, හදලා තිබ්බ දේවලුත්, සියලු දේම විනාශ කරලා මේ වෙන කොට ඉවරයි.
ජීවත හානී විතරයි මේ වෙන කොට වෙලා නැත්තේ, කීප දෙනෙක්ගේ අතපය එහෙමත් කැඩිලා තියෙනවා අලි එළවලා, මේ වෙනකොට සියලු දේ විනාශ කරලා ඉවරයි කුඹුරු පැත්තේ, දැන් ගමට එනවා.ඊයේ/ පෙරේදා රැස්වීමකදී තීරණය වුණාලු කාණුවක් කපන වැඩපිළිවෙල, ඒක තාවකාලික එකක් වාගේ තමයි අපිට තොරතුරු අරගෙන බලද්දී දැනෙන විදිහට.
අපි ඉල්ලන්නේ අලි වැටක් සමඟ සිවිල් ආරක්ෂක නිළධාරීන්ගේ ආරක්ෂක වලල්ලක් ගැහුවොත් අපිට ස්ථිර විසදුමකට ගියැහැකි. කාණු කැපුවට අවුරුද්දක් හමාරක් යද්දී කාණු ගොඩ වෙනවා, දැනට අලි කරඹගොල්ලෑව වැවේ කඩවලෙන් තමා ගොඩවෙලා එන්නේ, අලි වැට තියෙද්දී, වැට පෙරලලා එන අවස්ථා තියෙනවා, වැටට උඩින් පැනලා එන අවස්ථා තියෙනවා.
මෙහෙන් එලෙව්වහම වේගෙන් දුවගෙන ගිහින් කම්බියට උඩින් වතුරට පනිනවා දබෝරියන් ගාලා.ඒ හන්දා කාණුව ගැහුවත් ඒකම තමා වෙන්නේ.
පෙරලන්න බැරි මහ විශාල ගස් වලට කම්බි දාලා අලි වැට ගහලා තියෙනවා ඒක ටිකක් සාර්ථකයි කියලා ටී.වී එකෙන් දැක්කා, අනෙක් ඒවා සියල්ලම අසාර්ථකයි.පොඩි ගස් තමයි පෙරලන්නේ, විශාල ගස් වලට අලි වැට ගහලා, ආරක්ෂක වලල්ලක් දැම්මොත් මේකට ස්ථිර විසදුමක් ලැබෙනවා.නැත්තන් නම් කාණු කපලා ගන්න එක තේරුමක් නෑ, ඒක තාවකාලික විසදුමක් විදිහට තමයි දකින්නේ.
අන්දර ගස්, වෙනත් ගස් තමා අලියෝ කාලා තිබ්බේ දැන් අලි පළතුරු කනවා අපිට වඩා, දැන් හැන්දෑවේ 04-05 වෙන කොට මුලු විල්පත්තුවේම ඉන්න අලි ඉන්නේ ගමේ, ඉස්සර අපි වැව දිගටම ගොවිතැන් කරලා පොල් වගා කරලා තිබ්බා, අද මේ වෙන කොට අඹ,පොල්,කජු,දොඩම් සේරම කාලා, මේ වෙන කොට අලි ගම මැද්දටම ඇවිත් කාලා තමයි උදේට යන්නේ.
ගමට ඇවිත් උදේට යන වෙලාවට ගම ගෙදර, මනුස්සයා, බල්ලා, හරකා ඉන්න එකා මොකාද මරාගෙන තමයි එවුන් යන්නේ, මේ වෙන කොට මිනිස්සුන්ට ගමේ ජීවත් වේන බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ,හදිස්සියකට රෑකට ළමයෙක් අරන් යන්න බෑ,කුකුල්කටුව වැවේ ඊයේ රෑ එළිවෙනකම්ම අලි දෙන්නෙක් ඇවිත් බන්ට් එක උඩ, එතකොට කුකුල් කටුවවැවෙන් එහා පැත්තේ ඉන්නවා බබාලා හම්බෙන්න අම්මලා හදිස්සියට පාන්දර 2-3 ට අමාරු වුණොත් එහෙම අපි ඇම්බියුලන්ස් එකක හරි බයික් එකක හරි තියාගෙන එන්නේ ඒ පාර දිගේ, ඒ එන කොට අපිට ඒ බබා හම්බෙන්න ඉන්න අම්මත් එක්ක වැවට තමා පනින්න වෙන්නේ, නැත්නම් අලියා ගහලා මැරෙනවා , මේ ගැටලුව මුළු විලච්චියටම තියෙනවා. මුළු ලංකාවටම තියෙන ප්‍රශ්නයක් මේ අලි ප්රශ්නය, ඒකට පුලුවන් තරම් විසදුම් දෙන්න කියලා, රජය පැත්තෙනුත්, ඇමතිතුමාලත්, වනජීවි එකත් උත්සහ කරනවා, නමුත් ඒ උත්සහයන් අසාර්ථකයි.
අලියට වඩා පහත් තැනකට මිනිස්සු වැටිලා තියෙනවා.සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අය ගිහින් රෑට අලි කඩන අලි වැටේ කට්ට උදේට කෙලින් කරනවා, ආයේ රෑට අලි කඩනවා, ඔය ආකාරයට තමයි මේ වෙන කම්ම සිවිල් ආරක්ෂක කට්ටියත් කරන්නේ.
ඒ අයට දොස් කියන්නත් බෑ.අලිවැටේ බැටරි වල කරන්ට් එක නෑ කියනවා.ලක්ෂ කෝටි ගණන් වියදම් නොකර ඔය බැටරි ටික දැම්මා නම් මේ තියෙන වැට හරි රැක ගන්න පුලුවන්.කිව්වා පුලුවන් තරම්.
අලි වෙඩියක් ඉල්ලන්න වනජීවි එකට ගියහම කියනවා, අපිට දෙන්න විදිහක් නෑ, ග්‍රාම සේවක ගාවට යන්න කියනවා.ග්‍රාමසේවක මහත්තයා කියනවා අලිවෙඩි 04 යි තියෙන්නේ, දෙකක් දෙන්නම්, තව කෙනෙක්ට දෙන්නත් එපැයි කියනවා.අද රෑ අලි වෙඩි 02 ක ගහලා හෙට උදෙත් ග්‍රාමසේවක මහත්තයා අලිවෙඩි දෙන්නේ නෑනේ.
අපි කොහොමද ජීවත් වෙන්නේ.අපිට පොහොර නෑ, තෙල් නෑ, බඩඉරඟු නෑ, කන්න ගොයම් නෑ,ඊයේ -පෙරේදා වපුරපුවා සම්පූර්ණයෙන්ම අලි වටේ එනකොට යනවා, යනකොට යනවා, වපුරපු කුඹුරු නියරවල් පවා පොලවේ මට්ටමට පාගලා.කාටද අපි මෙව්වා කියන්නේ.අපිට උන්හිටිතැන් නෑ දැන්, මැරෙන්න වෙලා තියෙන්නේ.එක්කෝ අලි ගහලා මැරෙනවා.නැත්නම් කන්න නැතිව මැරෙනවා.
කෙල්-පොහොර නැතිව හදාගන්න ගොවිතැන් ටිකවත් අපිට රැක ගන්න විදිහක් නෑනේ,ඊයේ රෑත් ගහක් උඩ පැළක් හදාගෙන හිටියේ, 04 ට විතර තමයි නින්ද යන්නේ,කොයි වෙලේ අලි ඒයිද කියන්න බෑ, කරන දේකට අපි සහය දෙන්නම්.
අපිට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවටවත්, වනජීවි එකටවත් දොස් කියන්න බෑ.ගම රැක ගන්න වැඩක් කරලා දෙන්න.ඔය කපන අගල සාර්ථක නෑ, කරන්ට් ලයින් එක දැම්මා නම් ඊට වඩා සාර්ථකයි.
වැස්ස පෑව්වම, ජනවාරී පෙබරවාරී වෙන කොට අනිවාර්යෙන්ම අලි ගෙවල් කඩන්න පටන් ගන්නවා.කන්න දෙයක් නෑ, වේලෙනවානේ.අපේ වතු වල පොල් ගහක්වත් නෑ.
ඔය කියන විදිහට කෝටි ගානක් වියදම් වෙනවා කාණුවක් කපන්න.අඩි විස්සක් තිහක් ගැඹුරු ලිඳට වැටුණු අලියත් ගොඩ වෙන කොට ,මාස 03-04 ක් යන කොට අලි ඇවිල්ලා පස් තල්ලු කරලා ගොඩ වෙනවා.වැස්සට තවත් ගොඩ වෙනවා, අද වෙන කොට මේ රටේ අපි විදින දුක කියලා නිමක් කරන්න බෑ,අපිට කන්න දෙන්න නැතිව ඉන්න කොට මේ මොනවද කරන්නේ, ඇත්තටම බොහෝම කණගාටුයි.දැන්නම් පුදුමාකාර අප්පිරියාවක් වෙලා තියෙන්නේ.
මේ වගේ අසහනයක් දුන්නේ නෑ.රෑතිස්සේ එළි වෙනකම් දුක් විදිනවා, උදේට ගිහින් වෙලේ කොටන්නේ කොහොමද? කවුද හාල් හුන්ඩුවක් ගෙනත් දෙන්නේ, කවුද සීනි ටිකක් ගන්න සල්ලි දෙන්නේ? මේ ලෝකයම ජීවත් වෙන්නේ ගොවියා නිසා.හැබැයි ගොවියට අද මොකද වෙලා තියෙන්නේ,ගොවියා ගැන කථා කරන්න කෙනෙක් ඉන්නවාද? අපිට සුරසැප ඔ්න නෑ.අපිට ජීවත් වෙන්න දෙන්න, අපේ දරුවෝ ගැන මොනවා හිතන්නද අපි දැන්.
අවුරුදු 40-50 ක් ගිය පොල් ගහ කඩලා දානවා නම්, අපි කාගෙන්වත් අත පෑවේ නෑ, රජයෙන් ඉල්ලුවේ නෑ, අපේ මහන්සියෙන් මේ ගොවිතැන් කරන ගොවියෝ ජීවත් වුණේ, හැබැයි දැන් මගේ වත්තේ ගෙඩි හැදෙන්න පීදිලා තියෙන පොල් ගස් 10 ක් කඩලා, කුඹුර ගන්න දෙයක් නෑ, අපිට ජීවත් වෙන්න ක්‍රමයක් නෑ,මේ අහිංසක ගොවියෝ ස්ට්‍රයික් කරන්නේ, සල්ලි වැඩියෙන් දීපල්ලා කියලා ඉල්ලන්නේ නෑනේ,ගොවියෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටවත් යන්නේ නෑ කෑ ගහන්න.
තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්නේ,ගොවියට ජීවත් වෙන්න තැනක් නෑ. රෑ තිස්සේ නිදි මරනවා.දවල්ට වැඩක් කරන්න බෑ. රෑ -එළිවෙනකම්ම භයෙන් ගැහි ගැහී ඉන්නේ, රෑ 6-7 වෙනකොට වතු වල අලි.මගේ වත්තේ අඹගස් 20 ක විතර ගෙඩි එක රැයෙන් අලි කෑවා.කාටද මේවා කියන්නේ, කවුද මේවාට වන්දි ගෙවන්නේ.කරන්න තියෙන්නේ එකම දෙයයි, මහ රෑ බඩගාගෙන මිනිස්සු මරන්න ආව කොටිත් පන්නා ගත්ත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අදටත් පඩි ගෙවනවා,, ඒ අයටත් පඩි ගෙවන ගමන් ආයේ කෝටි ගණන් වියදම් කරනවා.
සිවිල් ආරක්ෂක බංකර් දැම්මා නම් අලි ගමට එන එක නවත්වන්න පුලුවන්. නැති වුණොත් මේ රටම ඉවරයි.මේ නැති වෙන්නේ අනාගත පරපුරේ සම්පත්, අපි අපේ දරුවෝ ගැන හිතලා ජීවත් වෙනවා.මේ ගමෙන්වත් මේ ගැන කිව්වා කියලා ජනාධිපතිතුමන්ට දන්වන්න.
මේ අලි ප්රශ්නය බේරන්න ඔබතුමන්ලාට වියදම් කරන්න බැරි නම් අපි සල්ලි දීලා ගන්නම් අපිට තුවක්කු දෙන්න, මට 84 යි වයස, මම හොරොව්පතානේ කලින් ජීවත් වුණේ, ඒ කාලේ මීට වැඩිය අලි හිටියා, කුළු හරක් හිටියා.හැබැයි අපේ ගොවිතැන් කෑවේ නෑ,අපි බේර ගත්තා, අපි දන්නවා බේරගන්න විදිහ, අඩුම තරමේ පස් දෙනෙකුට තුවක්කු 05 ක් දෙන්න, සතියක් ඇතුළත අපි අලි නවත්තනවා.
විසදුම් දෙකයි තියෙන්නේ, එක, අර මහ ගස් වලට කම්බි ඇදලා සිවිල් ආරක්ෂක මුර පොලක් දාලා දෙන්න,ඒ එකක්වත් බැරි නම් අපේ ගමට තුවක්කු 05 ක් දෙන්න අපි අලි නවත්තා ගන්නම්,අපි පොඩි කාලේ නවත්ත ගත්තා, අපිට නවත්වන්න පුලුවන්, ඔබතුමන්ලාට කරන්න බැරි නම් අපි නවත්තන්නම්, හිරේ දැම්මත් කමක් නෑ අලින්ට වෙඩි තියන්න සිද්ධ වෙනවා, මාව හිරේ දාන්න යැයි ගොවීන් ඉතා හැගීම්බරව අමාත්‍යයවරයාට පැවසීය.
අනතුරුව අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,
ඇමතිතුමත් එක්ක කථා කරහම ඇමතිතුමා කිව්වේ, රැකියා ලක්ෂයෙන් දෙවැනි වටයට ගත්ත අය සේරම දැම්මේ අලි වැටටනේ, ඒ ගොල්ලන්ට පුහුණුව දීලා දානවා කිව්වා.ඒකත් රෑ හිටියේ නැත්නම් වැඩක් නෑ,දවල් හිටියා කියලා වැඩක් වෙන් නෑනේ.මම ඇමතිතුමත් එක්කත් කථා කරලා, ජනාධිපතිතුමන්ටත් යෝජනා කරන්නම් ඔබතුමන්ලා ඉල්ලන්නේ මේක කියලා.අපි හැමදාම ඇවිත් ගමට නොකිව්වට ඔබතුමන්ලාගේ ඡන්දයෙන් පත් වෙච්ච අය විදිහට අපි මේ ප්‍රශ්න කථා කරනවා.
ඔබතුමාලා දකින්නෙත් නෑ, ඇහෙන්නෙත් නෑ, මම ගිය සැරේත් ඇමතිතුමා එක්ක කථා කළා මේකට මොකක් හරි ස්ථිර විසදුමක් හොයා ගන්න ඔ්න කියන එක.ඇමතිතුමා කිව්වේ අලුතින් රැකියා ලක්ෂයට ගත්ත අයත් අලි වැටට දානවා, ඒ ගොල්ලත් කරන්න පුලුවන් හැමදේම කරනවා කියලා.
කරනවා කිව්වට අපිට පේනවා ඔබතුමන්ලාටනේ මේක දැනෙන්නේ,අපි සැලසුම් හදනවා, කරනවා කිව්වට හැමදාම බුදිය ගන්නේ භයේ නම් , හැමදාම වගාව හානී වෙනවා නම් ඔයගොල්ලන්ට හිත හැදෙන ප්‍රථිපලයක් ලැබිලා නෑ,ඒ නිසා මේ කාරනාවත් කථා කරලා, කොහොම හරි ඉක්මනට සුදුසු විසදුමක් ගේමු.ජනාධිපතිතුමන්ටත් යෝජනා කරන්නම් ජනතාවගේ ඉල්ලීම තියෙන්නේ මේ විදිහට කියලා යැයි පැවසීය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ගොවි නියෝජිතයන් ඇතුළු පිරිස් සහභාගී වූහ.
තිසර සමල් – අනුරාධපුර