Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඔමික්‍රෝන් ආසාදිතයන් කිහිපදෙනෙකු මෙරටින් මතුවෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඔමික්‍රෝන් ප‍්‍රබෙධය ආසාදිත තවත් පුද්ගලයන් 4 දෙනෙත් මෙරටින් හදුනාගෙන ඇත.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛව හා පටල විද්‍ාය තාක්ෂණ අංශ ප‍්‍රධානී වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව සදහන් කර ඇත.

එම ආසාදිතයන් සමග මෙරටින් හමුවූ ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන 05 දක්වා ඉහල යයි.

බරපතළම කරුණ වන්නේ මෙතෙක් හමුව ඇති කොවිඩ් 19 වෛරස ප්‍රභේදයන් සියල්ලම හා සැසඳූ විට ඔමික්‍රෝන් ප්‍රභේදය ලොව දරුණුතම සහ භයානකම කොවිඩ් 19 වෛරස ප්‍රභේදය බවට පත් විය හැකි යැයි විද්‍යාඥයින් අනුමාන කිරීම යි.

මීට පෙර ලෝකය පුරා පැතිර ගොස් ජීවිත විශාල ගණනක් බිළිගත් ඩෙල්ටා ප්‍රභේදයේ ස්පයික් ප්‍රෝටීන විකෘතිතා පැවැතුණේ 02ක් පමණයි.

විකෘති 02ක් හේතුවෙන් සිදු වූ විනාශය ගණන් බලන විට ස්පයික් ප්‍රෝටීන විකෘතිතා 30කට වඩා පවතින නව ප්‍රභේදය ලොව පුරා ව්‍යාප්ත වුවහොත් කොපමණ විනාශයක් සිදු කරයිදැයි තමන් හට සිතා ගැනීමට ද නොහැකි බව ඇතැම් විද්‍යාඥයින් බිය පළ කරනවා.

මෙවන් මට්ටමක විකෘති ගොන්නකින් යුතු නව ප්‍රභේදය ආසාදනය වුවහොත් එය මර්ධනය කර ජය ගන්නට මිනිස් සිරුරෙහි ප්‍රතිශක්තීකරණ පද්ධතියට බෙහෙවින් අසීරුවනු ඇති බව ද ඔවුන් පවසනවා.

Scroll to Top