Aboutceylon Online

සිංහරාජයට හොර රහසේම ජපානයෙන් Asian House Martin ඇවිත්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් කිසිම දිනක දැක නැති සංචාරක පක්ෂියකු සිංහරාජය ආශ්‍රිත මෝනින් සයිඩ් ප්‍රදේශයෙන් වාර්තා වූ බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි.

මෙම පක්ෂි විශේෂය Delichon dasypus ලෙස සත්ව විද්‍යාත්මකව හඳුන්වන අතර Asian House Martin ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වේ.

ගාල්ල වනජීවී සරක්ෂණ සංගමය විසින් සිංහරාජ මෝනිං සයිඩ් ප්‍රදේශයේ පවත්වාගෙන යන ජෛව විවිධත්ව පර්යේෂණ හා කාලගුණ දත්ත නිරීක්ෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් විසින් ඊයේ (05) මෙම විශේෂයේ කුරුල්ලන් දෙදෙනකු ප්‍රථම වරට නිරීක්ෂණය කර තිබේ.

මෙය Delichon dasypus හෙවත් Asian House Martin කුරුල්ලන් සංක්‍රමණික පක්ෂීන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන බව තහවුරු වූ පළමු වාර්තාකිරීම බැවින් එය ලෝකයේ ම සත්ව විද්‍යාත්මකව වැදගත් අවස්ථාවකි.

Martin1

Scroll to Top