ඊයේ දහවල් රට පුරා සිදුවූ විදුලි බිඳවැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ද ඇණහිටි අතර එය සක්‍රීය කිරීමට දින කිහිපයක් ගතවන බව පැවසේ.
ඉංජිනේරුවන් දන්වා ඇත්තේ මුළුමනින්ම යථා තත්ත්වයට පත් කිරීමට දින 03ක් පමණ ගතවන බවය.
ඒ අනුව විදුලි ඉල්ලුම සපයන්නට ප්‍රමාණවත් පහසුකම් මදි නිසා කෙටි කාලීනව විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරයි.
පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා කාලයේ අඛණ්ඩ විදුලි සැපයුම අභියෝගයක් බවද දන්වා ඇත.
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය නැවත පණ ගන්වන තෙක් දිනකට පැය දෙකක පමණ කාලයක් ප්‍රදේශයෙන් ප්‍රදේශයට අවශ්‍යතාවය මත විදුලිය විසන්ධි කරන බවත් දන්වා ඇත.
පවතින විදුලි ගැටලුව මැද විදුලි ඉංජිනේරු සංගමය විසින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකාව අත්හිටුවා ඇති බවද දැනගන්නට ලැබේ.