Aboutceylon Online

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් සටන හෙට කොළඹදී ඇරඹේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් ඩුබායිහි පිහිටි අයිපීජී සමාගම මෙහෙයවන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර හෙට (5) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

හෙට රාත්‍රී 7.30ට පසුගියවර ශූරයන් වූ යාපනය සහ අනුශූරයන් වූ ගාල්ල ගැටුමෙන් තරගාවලිය ආරම්භ වන අතර ඉන් පෙර ප.ව. 3.30ට සමාරම්භක උලෙළ පැවැත්වීමට නියමිතය.

පසුගිය වසරේ ශූරතාව දිනූ ජැෆ්නා කණ්ඩායම තිසර පෙරේරා විසින්ම මෙහෙය වන අතර, දසුන් ශානක (දඹුල්ල), ඇන්ජලෝ පෙරේරා (කැන්ඩි), ඇන්ජෙලෝ මැතිව්ස් කොළඹ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට සිටි අතර,භානුක රාජපක්ෂ (ගෝල්) කණ්ඩායම්වල නායකයන් ලෙස කටයුතු කරති.

තරග 24කින් සමන්විත මේ තරගාවලිය යටතේ හෙට සිට 17 වැනිදා දක්වා මූලික වටයේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, අවසන් පූර්ව වටයට සහ අවසන් තරග 20 වැනිදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩංගණයේදී පැවැත්වේ.

මේ තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් කිහිප දෙනෙක් එක්වීමට නියමිතව සිටි අතර, කොරෝනා වයිරසයේ ඔමික්‍රොන් ප්‍රභේදය හේතුවෙන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් දෙදෙනකුට එක් වීමට නොහැකි වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Scroll to Top