Aboutceylon Online

මිකීට ජයග්‍රාහි සමු ගැනීමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රමේෂ් මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙණියගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 164ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මේ සමඟ සෝබර්ස් – තිසේරා කුසලානය සඳහා තරග 2කින් සමන්විතව පැවැති ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

මිකී ආතර් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අවසන් තරගාවලිය ද මෙය වූ අතර, මේ සමඟින් ඔහුට ජයග්‍රාහී සමුගැනීමක් හිමි කර දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

අවසන් තරගයේ වීරයා ලෙස ධනංජය ද සිල්වා නම් කළ අතර, තරගාවලියේ වීරයා සම්මානය තරග දෙකේදීම කඩුලු 18ක් දවා ගත් රමේෂ් මෙන්ඩිස්ට හිමි විය.

මේ තරගාවලිය අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් වූ අතර, පළමු තරගය ජය ගනිමින්ම එහි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් ශ්‍රී ලංකා පිල මේ ජය සමඟින් එය තවදුරටත් රැක ගැනීමට සමත් විය.

ප්‍රසාද ලකුණු 24ක් සමඟින් 100%ක ජයග්‍රහණ ප්‍රතිශතයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකි වී ඇත.

Scroll to Top