පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීම සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිල ද ඉහළ දැමීමත් සමඟ බේකරි නිෂ්පාදනවලට ඇති ඉල්ලුම සැළකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව බේකරි හිමියෝ පවසති.
රෝස්පාන් සහ බනිස් ගෙඩියක් රුපියල් 30 ක්, බිත්තර පාන් ගෙඩියක් රුපියල් 60 ක් ලෙස සෙසු බේකරි නිෂ්පාදනවල මිල ද ඉහළ යෑමෙන් සෙසු නිෂ්පාදන සඳහා ඉල්ලුම ද වැඩි ප්‍රතිශතයකින් පහළ ගොස් තිබේ.
මේ හේතුව මත බේකරි නිෂ්පාදන ප්‍රමාණය අඩු කිරීමට පියවර ගත් බවත් බේකරි නිෂ්පාදකයෝ කියති.