ගැස් අලෙවිය අඩු විමත් සමග හැටන් ඇතුළු වතු ආශ්රිත ප්‍රධාන නගර වල මේ දිනවල දර අලෙවිය සිඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව දර වෙළදාමේ යෙදි සිටින වෙලදුන් පවසයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට දර වෙලදාම සිදු කරන වෙළදුන් කුරුදු දර තොග වශයෙන් තම වෙළදසැලට රැගෙනවිත් අලෙවි කරන බවත්, මේ දිනවල කුරුදු දර අලෙවිය වැඩි නිසා තමන්ට දර තොග ලැබිමේ අඩුවක් පවතින බව වෙළදුන් කියා සිටියි.
ගැස් භාවිතා කල පාරිභෝගිකයන් විශාල පිරිසක් මේ වන විට තමන්ගෙන් කුරුදු දර මිල දි ගන්නා බවද දර වෙලදාමේ යෙදි සිටින ව්‍යාපාරිකයන් පවසයි.
කුරුදු දර මිටියක් රු 50 වැනි මිලකට අලෙවි කරන බවද එම වෙලදුන් පවසයි.
හැටන් – රංජිත් රාජපක්ෂ