Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නත්තල් උත්සව සමයේ එළවළු හිඟයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එළඹෙන නත්තල් උත්සව සමයේ වෙලදපොලේ ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් වෙළඳපොලට ලබාදිමට නොහැකි විම හමුවේ නත්තල් සමයේ එළවළු මිල දැනට පවතින මිලට වඩා අධික ලෙස ඉහල යා හැකි බවත්, නුවරඑලියේ වගා කරන ඇතැම් එළවළු වර්ග වෙළදපොලේ දක්නට පවා නොලැබෙන තත්ත්වයක් උද්ගත වන බව නුවරඑළිය එළවළු ගොවින් කියා සිටියි.

එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් කැරට්,ගෝවා,ලික්ස්,අර්තාපල්, සලාද ඇතුළු එළවළු වර්ග කිහිපයක් මේ වන විට වගා කර ඇති බවත්, රසායනික පොහොර සහ කෘෂි රසායනික එළවළු වගාවට එක් නොකිරිම තුල එළවළු වගාවේ අස්වැන්න ඉතිහාසයේ කවරදාකවත් නොවු ආකාරයෙන් අඩු වි ඇති බවත්, රෝපණය කල ඇතැම් එළවළු වර්ග විනාශ වි ඇති බවයි නුවරඑළිය ගොවින් කියා සිටින්නේ.

තම එළවළු වගා ගොවිපොලවල් වල දිනකට කම්කරුවන් විශාල පිරිසක් සේවය කල බවත්, මේ වන විට ඔහුන්ගේ රැකියාද අහිමි වි තමන්ටද එළවළු වගාව අත්හැර වෙනත් රැකියාවක නිරත විමට සිදු වි ඇති බවද එම එළවළු වගා ගොවින් කියා සිටියි.

පවත්නා තත්ත්වය මත නුවරඑළිය ප්‍රදේශයේ එළිවළු වගා ගොවින් කිහිප දෙනෙකු මේ වන විට එළිවළු වගාවෙන් ඉවත් වි ඇති බවද ඔහුන් කියා සිටියි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top