Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

උතුරු මැද පළාත තුළ මධ්‍යස්ථාන 35කදී කාබනික පොහොර නිෂ්පාදනය කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අනුරාධපුර, ඔයාමඩුව සහ සේනානායක මාවතේ පිහිටි කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක්වුණා.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් උතුරු මැද පළාත තුළ මධ්‍යස්ථාන 35කදී කාබනික පොහොර නිෂ්පාදනය සිදු කරනු ලබනවා.

ඒ සඳහා ජපන් ජබර, ගිනිසීරියා, කුකුළු අපද්‍රව්‍ය, වියළි ගොම සහ එප්පාවල රොක් පොස්පේට් අමුද්‍රව්‍ය ලෙස යොදා ගනු ලබනවා.

මහ කන්නය සඳහා කාබනික පොහොර මෙට්‍රික් ටොන් 50,000ක් නිෂ්පාදනය කිරීමටයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අපේක්ෂා කරන්නේ.

Scroll to Top