මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට (12) දින ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු තුනක් අගල් දෙක බැගින් (12) දින පස්වරුවේ සිට (13) දින අලුයම දක්වා විවෘත කර තිබු බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
එම ජලාශයේ ජල ධාරිතාව උපරිම මට්ටමට ළගාවිම නිසා ජලාශයෙන් වාන් දොරටු තුනක් (13) දින අලුයම දක්වා විවෘත කර තිබු බවත්,තවදුරටත් එම ජල පෝෂක ප්‍රදේශවලට වැසි ලැබුණ හොත් මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමට සිදු වන බව ජලාශභාර ඉංජිනේරුවන් පැවසිය.
කාසල්රි ජලාශයේද ජල ධාරිතාව උපරිම මට්ටමට ළගා වෙමින් පවතින බවත්, ජලාශ දෙකේම ජල මට්ටම ඉහල යාම නිසා කැනියොන්,ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම ජල විදුලි බලාගාර ඉංජිනේරුවරුන් පැවසිය.
හැටන් – රංජිත් රාජපක්ෂ