කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (13) රාත්‍රි 08.00 සිට පැය 28ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළේය.
අද රාත්‍රි 08.00 සිට හෙට (14) මධ්‍යම රාත්‍රි 12.00 දක්වා කොළඹ 04, 05, 06, 07 සහ 08 යන ප්‍රදේශවලටත් කෝට්ටේ සහ කඩුවෙල මහ නගරසභා සහ මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශ සඳහා ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.