Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රජයේ වියදම් බිලියන 33කින් අඩු වෙයි – අයවැය අද පාර්ලිමේන්තුවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එළැඹෙන 2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවැනි වර කියවීම හෙවත් අයවැය කතාව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. අය වැය කතාව පස්වරු 2.00ට ආරම්භ වේ.

නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය මෙය වන අතර, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ දෙවැනි අයවැය ලේඛනය වේ.

2022 වසරේ ආණ්ඩුවේ සමස්ත වියදම රුපියල් බිලියන 2505.3ක් ලෙස විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන් වූ අතර, 2021 වසරේ වියදම වන රුපියල් බිලියන 2538කට සාපේක්ෂව ලබන 2022 වසරේ රජයේ වියදම් රුපියල් බිලියන 33කින් අඩු කර තිබීම විශේෂත්වයක් වේ.

විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් මස 07 වනදා මුදල් අමාත්‍යවරයා විසින් පාර්මේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව හෙට (13) සිට ලබන 22 වනදා දක්වා දින 07ක කාලයක් අයවැය දෙවනවර කියවිමේ විවාදය පැවැත්වීමට නියමිතය.

දෙසැම්බර් 10 වන දින පස්වරු 05.00 අයවැය තෙවන වර කියවිමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.

අයවැය ඉදිරිපත් කරන කාලසීමාව තුළ මහජන ගැලරිය මහජනතාවට විවෘත නොවන අතර රාජ්‍ය නිලධාරින් සීමිත පිරිසකට පමණක් සහභාගීවීමට අවස්ථාව ලබාදී ඇත.

 

sri lanka sinhala news

Scroll to Top