චීනයේ වූහාන්හි කොවිඞ් -19 ආරම්භ වූ අවස්ථාවේ ඒ ගැන තොරතුරු හෙළි කළ සැන්හ් සැන් නැමැති මාධ්‍යවේදිනියට චීන බලධාරීන් විසින් සිව් වසරක් දක්වා සිරදඬුවම් නියමකර ඇත.
ඇගේ පවුලේ ඥාතීහු පැවසූවේ සැන්හ් සැන් ආහාර වර්ජනයක නිරත වීම නිසා මිය යෑමට ආසන්න බවයි.
2020 පෙබරවාරි මස ඇය වූහාන් වෙත පැමිණ හෙළි කළ තොරතුරු නිසා කොවිඞ් වසංගතය ගැන මුළු ලොවටම දැන ගැනීමට හැකි විය.