Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර එම පද්දතිය ඉදිරි පැය 24ක කාලය තුළදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර මෙරට අතුරු වෙරළ ආසන්නයෙන් උතුරු තමිල්නාඩු වෙරළට ලඟා වේයයි අපේක්ෂා කරයි.

මෙහි බලපෑම හේතුවෙන් ඉහත සඳහන් මුහුදු ප්‍රදේශයේ සහ රට වටා වන මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි සමඟ විටින් විට හමන පැ.කි.මී 60-70ක් පමණ වන තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ ඇතිවිය හැකියි.

මෙම තත්ත්වය නිසා නැවත දැනුම්දෙන තුරු නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දිවයින වටාවන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතු වලින් වැ‍ළකි සටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු වල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිකත ස්ථාන වෙත පැමිණෙන ලෙසත් ඉදිරි නියෙව්දන පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙසත් එමගින් ඉල්ලා සිටී.

Scroll to Top