Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාළගුණයෙන් ජීවිත 15 ක් අහිමි වෙයි – 28 දහසකට අධික පිරිසක් අවතැන්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිස්ත්‍රික්ක 17 කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගතවූ පැය විසි හතර තුළදී පමණක් කුඩා දරුවන් ඇතුලුව පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

අධික වර්ෂාවත් සමඟ බදුල්ල, කොළඹ, ගාල්ල, කළුතර, නුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රිකක්වලට පැනවූ නායයෑමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ.

ආපදා කළමානකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා පැවසුවේ සහන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි. 117 ක්‍ෂණික දුරකථන අංකයෙන් ආපදා පිළිබඳව මධ්‍යස්ථානය දැනුවත් කළ හැකිය.

නායයාමේ ලක්‍ෂණ දක්නට ඇතිනම් කඩිනමින් එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස් නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ජනතාවට දැනුම් දෙයි. මහඔය දෙපස සිටින ජනතාවට රතු නිවේදන නිකුත් කර ඇති බැවින් ඔවුන් වඩාත් සුපරීක්‍ෂාකාරීව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයි.

වැසි සහිත කාලගුණයෙන් දිස්ත්‍රික්ක 17 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 93ක පවුල් 7529 කට අයත් 28 දහස් 263 දෙනෙකු අවතැන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා කියයි.

lanka ads

Scroll to Top