20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහභාගී වූ 5 වන තරගයද ජය ගැනීමට පකිස්තාන කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගය ලකුණු 72 කින් ජය ගැනීමත් සමගයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පකිස්තානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 4 ක් දැවී ලකුණු 189 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 දී කඩුළු 6 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 117 ක් පමණයි.
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා එංගලන්තය, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය සහ නවසීලන්තය සුදුසුකම් ලබාගෙන තිබේ.
ඒ අනුව ප්‍රබල ඉන්දීය කණ්ඩායමට මෙවර ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයෙන්ම ඉවත්වීමට සිදුවිය.
අවසන් පූර්ව වටයේ තරග දෙක නොවැම්බර් මස 10 වෙනිදා සහ 11 වෙනිදා පැවැත්වීමට නියමිතය.