Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඕස්ට්‍රෙලියාව සහ එංගලන්තය අවසන් පුර්වටයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සෙනසුරාදා පැවති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ කාන්ඩයේ තරග දෙකකදී එංගලන්තය පරදා දකුණු අප්‍රිකාවත් කොදෙව්වන් පරදා ඕස්ට්‍රෙලියාවත් ජයගන්නා ලදි.

මෙතෙක් අපරාජිතව සිටි එංගලන්ත පිල  පරාජයට ඇදදමමින් දකුණු අප්‍රිකාව ලද ජයග්‍රහණය මෙහිදී විශේෂිතය.

තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලබාදුනි.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ඔවුන් රැස් කළේ ලකුණු 157ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 16යි පන්දු 2ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 161ක් ලබා ජයග්‍රහණය වාර්තා කළේය.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පන්දු ඕවර 20 තුළදී කඩුලු 2ක් දැවී ලකුණු 189ක් රැස් කළේය.

රසී වැන්ඩර් ඩුස්සන් නොදැවී ලකුණු 94යි.

ඊට පිළිතුරු ලෙස එංගලන්තය රැස්කළේ කඩුලු 8ක් දැවී ලකුණු 179කි.

ඒ අනුව එම කාණ්ඩයෙන් එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය.

මෙම තරගයේ විශේෂිත සිදුවීමක් වූයේ එංගලන්ත අවසන් පන්දු ඕවරයේදී කගිසෝ රබාඩා පිට පිට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමය.

news paper sinhala
Scroll to Top