Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉහල කොත්මලේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට (06)දින පස්වරුවේ සිට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් (07) දින උදැසන වන විට විවෘත වි ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

ඉහල කොත්මලේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට (06) දින පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත වු බවත්, තව දුරටත් වැසි එලෙසම පැවතිය හොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් සෙන් ක්ලෙයාර් සහ ඩොවොන් දිය ඇලි වල ජල ධාරිතාව ඉහල ගොස් ඇත.

හැටන් – රංජිත් රාජපක්ෂ

 

24 sinhala news
Scroll to Top