කෘෂිකර්ම අමාත්‍යංශය පෞද්ගලික අංශය සමග එක් ව දිප්ත ව්‍යාප්තව අපනයන ඇන්තුරියම් වගා කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
කාන්තාවන් විදේශගත විම වලක්වා ගැනිම,කාන්තාවන්ට ස්වයං රැකියාවක් වශයෙන් ඇන්තුරියම් වගා කර මාසික ආදායමක් උපයා දිම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවයි ව්‍යාපෘතිය භාරව කටයුතු කරන කොත්මලේ සුනිතා ෆොලොරා ෆලවර්ස් ආයතනයේ හිමිකාරිණි සුනිතා පලියහවඩන මහත්මිය කියා සිටියේ.
නුවරඑලිය දිස්ත්‍රික්කය,මහනුවර දිස්ත්‍රික්කය සහ මාතලේ යන දිස්ත්‍රික්කවල මේ වන විට මෙම ව්‍යාපෘතිය සාර්ථකව සිදු කරන බවත්,කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරින්ගේ අධික්ෂණය යටතේ ඇන්තුරියම් වගාව හරිතාගාර තුල මෙම ඇන්තුරියම් වගාව සිදු කරනු ලබයි.
හරිතාගාර ඉදි කිරිම සදහා කෘෂිකර්ම අමාත්‍යංශයේ නිර්දේශය මත රාජ්‍ය සහ පෞද්ගලික අංශය මගින් තොරාගත් කාන්තාවන් සදහා ණය පහසුකම් ලබාදෙන අතර එම ණය මුදල ඇන්තුරියම් වගාවෙන් ලබා ගන්නා අදායමෙන් මාසිකව ගෙවිම් කටයුතු සිදු කල යුතුය.
හැටන් රුවන්පුර ප්‍රදේශයේ ඇන්තුරියම් වගා කිරිම සදහා තොරාගත් කාන්තාවන් 26 දෙනෙකුට ප්‍රායෝගික වැඩමුළුවක් (04) දින කොත්මලේ නවමොරපේ මාස්වෙල ප්‍රදේශයේදි පැවැත්විණ.
ඇන්තුරියම් වගාව සදහා තොරාගනු ලබන කාන්තාවන්ට වෙලදපොලේ විශාල වටිනාකමකින් යුත් ඇන්තුරියම් පැළ 50 ක් සහ ඒ සදහා අවශ්‍ය පොහොර , තාක්ෂණික උපදෙස් අදාල ආයතන විසින් නොමිලේ ලබාදිම සිදු කරන අතර,කාන්තාවන් විසින් වගා කරනු ලබන ඇන්තුරියම් පැළ මාසිකව එම ආයතනය විසින්ම මිල දි ගනු ලබයි.
අලුතින් ඇන්තුරියම් වගාව සදහා බදවා ගත් හැටන් රුවන්පුර ප්‍රදේශයේ කාන්තාවන්ට පැවැත්වු වැඩමුළුවට කෘෂිකර්ම අමාත්‍යංශයේ අභයදාම සජිවිකාරණ නිලධාරි එම්.එන්.ඒ.බි.සේනානායක මහතාද සහභාගි විය.
හැටන් – රංජිත් රාජපක්ෂ