Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කුකුල් කුඩුවක සිර වි සිටි හදුන් දිවියා රක්ෂිතයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කුකුල් කුඩුවක සිර වි සිටි හදුන් දිවියෙකු රක්ෂිතයකට මුදා හැරිමට වනජිවි නිලධාරින්ගේ උපදෙස් පරිදි වතු කම්කරුවන් පිරිසක් ඊයේ(05) දින රාත්‍රියේ පියවර ගෙන ඇත.

හැටන් පොලිස් වසමට අයත් දික්ඔය හැඩ්ලි වතු යායේ වතු නිවාසයක පදිංචිකරුවන් පිරිසක් විසින් ඇති කරනු ලබන කුකුලන් දඩයම් කිරිම සදහා (05) දින රාත්‍රියේ පැමිණි හදුන් දිවියා කුකුල් කුඩුවේ පහල මහලට ඇතුල්විමත් සමග කුකුල් කුඩුවේ දොර වැසි යාම නිසා කුකුල් දඩයමේ පැමිණි හදුන් දිවියා කුඩුවේ සිර වි ඇත.

කුඩුවට සිර වු හදුන් දිවියා සම්බන්ධයෙන් එම වතු යායේ වතු කම්කරුවන් නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ට කල දැනුම් දිමක් මත වනජිවි නිලධාරින්ගේ උපදෙස් පරිදි හදුන් දිවියා සිර වි සිටි කුකුල් කුඩුවේ දොර විවෘත කිරිමෙන් අනතුරුව හදුන් දිවියා රක්ෂිතය පලා ගියහ.

හොදින් වැඩුණු මෙවැනි හදුන් දිවියන් තේ වත්තේ සැරිසරන බවත්, එම හදුන් දිවියන් රාත්‍රි කාලයේ සුනඛයන් සහ කුකුලන් ගොදුරු කර ගැනිම සදහා තම නිවාස අසලට පැමිණෙන බවයි එම වතු යායේ වතු කම්කරුවන් කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top