පවතින වැසි හේතුවෙන් කතරගම මැණික් ගඟේ ජලය වැඩි වී ඇත.
මේ සමග මැණික් ගඟේ විවිධ වූ ස්ථානවල කිඹුලන් ගැවසෙන අතර දිය නෑමේ දී පරිස්සම් වන්නැයි රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.
මේ වනවිට මැණික් ගඟේ දැවැන්ත කිඹුලන් 20 කට වැඩි ප්රමාණයක් සිටින අතර නාගහවීදිය පාලම, අංක 02 පාලම වැනි ස්ථානවල නිතර මෙම කිඹුලන් සැරිසරන අයුරු දිස්වේ..