හදිසි අවස්ථාවක් එළඹුනහොත් ඊට මුහුණදීමට අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර තබාගන්නැයි, චීන බලධාරීන් සිය රටවැසියන්ට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉකුත් දිනවල අධික වර්ෂාපතනයෙන් වගා හානිවීම් හමුවේ සැපයුම් දාම බිඳවැටී ඇති බව වාර්තා වේ.
හදිසියේ භාණ්ඩ එක් රැස් කර තබා ගන්නා ලෙස ජනතාවට දැනුම් දීමට මූලිකම හේතුව පැහැදිලිව ප්‍රකාශ කර නොමැත.
මේ වන විට එරට වෙළෙඳසැල්වල දිගු පෝලිම් හටගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන්වේ.