වැලිගම කප්පරතොට ඇවරියවත්ත සංචාරක හෝටලයක අළුයම 03:30 ට පමණ පිපිරීමක් සිදුව තිබේ.
පිපිරීමෙන් මෙම සංචාරක හෝටලයේ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සඳහන් වෙයි.
පිපිරීමෙන් හොටලේ හිමිකරු සහ ඔහුගේ පුත්රයා මෙන්ම අසල්වැසි නිවසක කාන්තාවක් ද තුවාල ලබා රෝහල් ගත කර ඇත.
අසල්වැසි නිවාස පහකට පමණ දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
කොත්තු ඇතුළු ආහාර පිළියෙල කරන මෙම හෝටලයේ ඇතිවූ පිපිරීමත් හටගත් ගින්න පොලිසිය සහ ප්රදේශ වාසීන් එක්ව පාලනය කර ඇත.
ගෑස් සිලින්ඩරයක් පිපිරීමක් වූ බව කීවත් එය මෙතෙක් තහවුරු වී නැතැයි පොලිසිය කියයි.