රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව ඛනිජතෙල් විදුලිය සහ වරාය සේවකයෝ අද(03) දැවැන්ත විරෝධතාමාලාවක් පවත්වති.
කොළඹ කොටුව ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට, සපුගස්කන්ද තෙල්පිරිපහදුව ඉදිරිපිට, කොලොන්නාව තෙල්පිරිපහදුව ඉදිරිපිට සහ කොළඹ කොටුව බාන් ඔරලෝසු කණුව ඉදිරිපිට දී එම විරෝධතා පැවැත්වෙන බව ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල් විදුලිය වරාය ඒකාබද්ධ සංවිධානය සඳහන් කරයි.
ලංවිම විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කළේ අද(3) තමන්ගේ පිරිස රාජකාරී සඳහා වාර්තා කරන නමුත් සියලුම සේවකයින් කාර්යාලයෙන් පිටවී උදඝෝෂන ව්‍යාපාරයක් වෙනුවෙන් කොළඹට කේන්ද්‍රගතවන බවයි.
නමුත් විදුලි හදිසි බිඳවැටීම් නඩත්තුව ඇතුළු අතිරේක සේවා නවතින බවත් එදින කවර ආකාරයේ විදුලි ප්‍රශ්නයක් වුවොත් ඒ ගැන තම පිරිස් වග නොකියන බව දන්වා සිටියේය.