Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජනතාව සෞඛ්‍ය උපදෙස් නොපිළිපදියි – හතරවන රැල්ල දිපාවලි උත්සවයත් සමග

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් 19 හතරවන රැල්ල එලඹෙන දිපාවලි උත්සවයත් සමග පැතිර යාමේ අවධානමක් පවතින බව හැටන් ප්‍රදේශයේ ජනතාව පවසයි.

අන්තර් පලාත් අතර පනවා තිබු සංචරණ සිමා ඉවත් කිරිමෙන් අනතුරුව කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල  රැකියා වල නිරතව සිටි වතුකරයේ ජනතාව  ඔහුන් වතුකරයේ පදිංචි නිවාස වෙත පැමිණෙමින් පවති.

එසේ පැමිණෙන පිරිස් ලංගම සහ පෞද්ගලික බස් රථවලින් හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගර වලට ප්‍රවාහනය කරන අතර, එම බස් රථ වලද සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් මගින් ප්‍රවාහනය කරන ආකාරයක්ද අප කැමරාවේ සටහන් විය.

දිපාවලි උත්සවයට අවශ්‍ය අලුත් ඇදුම් සහ ආහාර ද්‍රව්‍යය ඇතුළු මිල දි ගැනිමට හැටන් නගරයට පැමිණෙන වතුකරයේ ජනතාව සෞඛ්‍ය උපදෙස් වලට පටහැනි කටයුතු කරන අතර , හැටන් නගරයේ ව්‍යාපාරිකයන්ද ව්‍යාපාර කටයුතු වලට පමණක් ප්‍රමුඛතාවයක් ලබා දි සෞඛ්‍ය උපදෙස් පිලිබදව කිසිදු තැකිමක් නොකරන ආකාරයක් ද කැමරාවේ සටහන් වි තිබුණි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top