Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පාස්පෝට් පෝලිමේ ඉන්න තරුණයින්ව නැවත ගෙන්ව ගන්න පුළුවන් දේශපාලනයක යෙදෙන්න

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පක්ෂයක ජනප්‍රියත්වය රැකෙන්නේ ආණ්ඩු බලයෙන් නොව දේශපාලනය කිරීමෙන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය ඊයේ යෙදී තිබුණා.

නෙළුම් පොකුණ රඟහලේ දී පැවති සංවත්සර උත්සවයට එක්වෙමින් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ආණ්ඩුව ලබාගෙන රාජ්‍ය ආයතන හරියට කරනවා වගේ ජනතාව අතරත් දේශපාලනයක් කළ යුතු බවයි.

අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ ඒ තරුණයෝ ඉන්නවද කියලා හොයලා බලන්න. ඒ පෝලිමට එකතුවෙලා ඉන්නවා නම් ආයෙත් මේ රටට කැඳවාගන්න පුළුවන් විදිහේ දේශපාලනයක යෙදෙන්න. ඒක තමයි පොදුජන පෙරමුණේ අපිට තියෙන ඓතිහාසික අනාගතවාදී කාර්යය වන්නේ.

Scroll to Top